பொம்புரு நீர்வீழ்ச்சி
බෝඹුරුඇල්ල දිය ඇල්ල පිහිටා ඇත්තේ ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක දෙකෙහි මායිමේ පේරවැල්ලේය. එය මීටර් 50 ක් උස වන අතර එය “පේරවැල්ල ඇල්ල” ලෙසද හැඳින්වේ. එය ශ්‍රී ලංකාවේ පළලම දිය ඇල්ල වන අතර කුඩා දිය ඇලි රාශියකින් සමන්විත වේ. බෝඹුරුඇල්ල දිය ඇල්ලේ මූලාශ්‍රය ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ පිහිටි වැවකි. එය ඔබට අවශ්‍ය […]
ஸ்திரீபுரா குகை
ස්ත්‍රීපුර ලෙන් පැරණි යුගයේ සිට පැවත එන්නකි. මෙම ස්ථානය ගැන බොහෝ කථා තිබේ,එකක් නම් රාවණා රජු සීතා කුමරිය මෙම ලෙන්වල රඳවා තබා ඇත. සමහර ලෙන් නුවරඑළිය ප්‍රදේශයේ සීතාඑළිය දක්වා විහිදෙන බව විශ්වාස කෙරේ. කෙසේ වෙතත් වර්තමානයේ සමහර ලෙන් තුළ ඇති නාය යෑම් හේතුවෙන් එයට ප්‍රවේශ වීම දුෂ්කරය. ඇත්තටම ස්ත්‍රීපුර කියන්නේ ලෙන් සංකීර්ණයක්. ඔබට මෙහි ප්‍රවේශ […]
மானா நீர்வீழ்ச்சி
ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ලූණුවත්ත නගරයට නුදුරින් පිහිටි සුන්දර මානා ඇල්ල දියඇල්ල තුළින් මෙහි යම් ඓතිහාසික වටිනාකමක්ද සැඟවී ඇති බව දක්නට ලැබේ. වැලිමඩ උඩුපුස්සැල්ලෑව ප්‍රධාන මාර්ගයේ ලූනුවත්ත නගරයේ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන මංසන්ධියෙන් හැරී කිරවනාගම මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගමන් කිරීමෙන් මෙම සුන්දර මානා ඇල්ලට ළඟාවිය හැකිය. ප්‍රදේශයේ ජනතාව අතර පවතින ජනප්‍රවාදයන්ට […]
ரவன் நீர்வீழ்ச்சி
බෝඹුරුඇල්ලට 4km වගේ ගොඩක් ලඟින් තියන රවණ් ඇල්ල (රාවණා ඇල්ල එක්ක පටලගන්න එපා) ගොඩක් අය අතර ප්‍රසිද්ධ නැති නමුත් ලස්සන ඇල්ලක්.. රවණ් ඇල්ල පිහිටල තියෙන්නෙ ඌවපරණගම ප්‍රදේශයේ කොරඳේකුඹුර ගමේ..බෝඹුරුඇල්ල ඉඳන් යනවනම් බෝඹුරුඇල්ල වැලිමඩ පාරෙ කිලෝමීටර් දෙකක් තුනක් වගේ ගියාම හම්බුවෙන උඩුහාවර හංදියෙන් , උඩුහාවර කොරඳේකුඹුර පාරෙ කිලෝමීටර්යක් විතර ගිහින් තවත් පොඩි අතුරු පාරක කිලෝමීටර්යක් විතර […]