ඌවපරණගම ප්‍රාදේශීය සභාවේ අන්තර්ජාල බිහිදොරට

ඔබ සාදරයෙන් පිළිගනිමු ....!

ඌවපරණගම ප්‍රාදේශී්‍ය සභාවේ ගරු සභාපති

කේ.ඒ.සමින්ද සුදර්ශන මැතිතුමාගේ

පණිවිඩය

භිමානවත් ඌවපරණගම ප්‍රාදේශිය සභා වංශ කථාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරන ප්‍රාදේශීය සභා නිල වෙබ් අඩවිය සඳහා පණිවිඩයක් මා ලබා දෙන්නේ හදපිරි භක්තියෙනි. වඩාත් ඵලදායි , කාර්යක්ෂම මහජන සේවයක් ඔබ වෙත තිළිණ කිරීම අපගේ අභිප්‍රාය වන අතර, මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රාදේශීය සභාව වශයෙන් ගත හැකි සෑම පියවරක්ම ජය ගනිමින් ජනතාව වෙනුවෙන් මහගු සේවාවක් දැඩි කැපවීමෙන් යුතුව කටයුතු කරමි. එකී බල ප්‍රදේශයේ වෙසෙන සියලු ජනතාවගේ අදහස් නියෝජනය කරනු ලබන ප්‍රධාන නියෝජිතයා ලෙස මා සතු වගකීම් ඉටුකිරීමේදී, බල ප්‍රදේශයේ සියලු ජනතාවගේ අවශ්‍යතාවයන් වඩා කාර්යක්ෂමව හා අනලස්ව ඉටුකරදීම සදහා වෙබ් අඩවියක් විවෘත කරදීමට ලැබිම පිළිබඳව මා බෙහෙවින් සතුටට පත්වන අතර මෙම වෙබ් අඩවිය සදහා ඔබ සැම සාදරයෙන් පිළිගනිමි.ප්‍රදේශයේ බදු ගෙවන ජනතාවගේ බදු මුදලට සරිලන සේවාවන් ලබාදීම සදහා මා නිරතුරුවම  කැප වන්නෙමි. එහිදී ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සිදු කිරීම මෙන්ම ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියද තහවුරු කරදීම සදහා මෙය මහගු අවස්ථාවක් වනු ඇත.

කාර්යබහුල ජීවන රටාවේ කාලයත් සමග කරනු ලබන සටනේදී, කාර්යාල තුළට ප්‍රවේශවී සිය අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට නොහැකි සේවාලාභීන්ට මෙය සුවිශේෂී අවස්ථාවක් වන අතර ඒ සදහා මෙම වෙබ් අඩවිය ප්‍රයෝජනයට ගනිමින්  ඔබගේ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම සදහා කටයුතු කරනු ඇතැයි මා අපේක්ෂා කරමි.  තවද ඔබට තාක්ෂණවේදය පදනම් කරගත් මහජන උපයෝගීතා සේවාවන්හි විෂය පථය තව දුරටත් පුළුල් කිරීමට ද කටයුතු කරනු ඇත.

සමින්ද සුදර්ශන කුරුප්පුආරච්ච්
ගරු සභාපති
ඌවපරණගම  ප්‍රාදේශීය සභාව

ඌවපරණගම ප්‍රාදේශීය සභාව

අපගෙන් ඉටු වන සේවාවන් බිඳක්

ඌවපරණගම ප්‍රාදේශීය සභාව මහජනතාව වෙත නොයෙකුත් පහසුකම් හා සේවාවන් සලසනු ලබයි.

  • විථි රේඛා /නොපරවා ගැනීමේ සහතික නිකුත් කිරීම
  • වෙළඳ බලපත්‍ර ලබාදීම තාවකාලික / ස්ථිර
  • අනුකූලතා සහතික නිකුත් කිරීම
  • පුස්තකාල සාමාජිකත්වය ලබාදීම
  • ජල සැපයුම් ලබාදීම
  • ක්‍රීඩා භූමිය හා ක්‍රීඩාගාරය කුලියටදීම
  • ආදාහනාගාර සේවා සැපයීම
  • සභාවට අයත් පොදු ස්ථාන රැස්වීම් සඳහා ලබාදීම
  • සංවර්ධන ව්‍යාපෘති සඳහා ගිවිසුම් ගතවීම
  • අනතුරුදායක ගස් සම්බන්ද කටයුතු
  • පරිසරය සම්බන්ධ මහජන ගැටලු විසදීම
  • වාහන සහ යන්ත්‍රෝපකරණ කුලියට දීම
Amgasdowa Public Library
Kotawera Library
Maspanna Library
Pannalawela Library
Ranhawadigama Library
Uvaparanagama Entrepreneurs

ඌවපරණගම ප්‍රාදේශී්‍ය සභාවේ සභා ලේකම්ගේ

පණිවිඩය

ර්තමාන කාර්යබහුල ලෝකයේ නව සංදිස්ථානයක් කරා යොමු වෙමින් පවතින අප තිරසාර සංවර්ධන සංකල්ප හා අභිමතාර්ථ සාක්ෂාත් කරගනු වස් සීමිත මානව හා භෞතික සම්පත මනාව මෙහෙයවමින් උපරිම ප්‍රයෝජන ගැනීමට කටයුතු කරන්නෙමු. ජනතාව වෙනුවෙන් විශිෂ්ට රාජ්‍ය සේවාවක් සැපයීම අපගේ ඒකායන බලාපොරොත්තුවයි. එහීදී ඌවපරණගම ප්‍රාදේශීය සභාව ලෙස අප නව තාක්ෂණය හා එක්ව ගමන් කිරීමේ පළමු පියවර තබමින්, වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට හැකිවීම සතුටුදායක කාරණයකි.

එහිදී රාජ්‍ය සේවයේ විනිවිදභාවය පවත්වාගෙන යමින් ජනතාවගේ දෛනික කාර්යයන් ඉටු කර දීමටත්, මහජන සෞඛ්‍ය, මංමාවත් හා පොදු උපයෝගීතා ප්‍රමුඛ කොටගත් සේවා සැපයීමටත් අප නිබඳවම බැඳී සිටින්නෙමු. දැනුම, ආකල්ප, කුසලතාවලින් සමන්විත රාජ්‍ය නිලධාරීන් සඵලදායීව ජනතා සේවා සඳහා යොමු කරමින් ජනතා අභිලාෂයන් ඉටු කර දීමට අප කැප වෙන්නෙමු.

නූතන තාක්ෂණය හා සන්නිවේදනය ශාක්‍යතා කරගනිමින් වඩා ඵලදායී මහජන සේවාවක් ලබාදීමේ මුඛ්‍ය පරමාර්තය පෙරදැරිව ආරම්භ කරන ලද මෙම වෙබ් අඩවිය පරිශීලනයෙන් ඔබගේ පහසුවත්, වටිනා කාලය ඉතිරි කර දීමටත් හැකි වනු ඇතැයි මාගේ අපේක්ෂාවයි.

අපගේ සේවාවන් පිළිබඳ සියලු සහායන් අන්තර්ජාලය ඔස්සේ ලබා දීමට අපේක්ෂිත දිගුකාලීන කර්තව්‍යක ආරම්භය සනිටුවහන් කිරීමක් වශයෙන් මෙම වෙබ් අඩවිය ස්ථාපිත කරන ලදී. ඒ අනුව ඉදිරි වර්ෂ කිහිපය තුල දී මෙම ප්‍රාදේශීය සභාව තාක්ෂණය තුළින් ඉහල කාර්යක්ෂමතාවයකින් හා ඵලදායීත්වයකින් යුක්ත සේවාවන් සපයන උසස් මට්ටමේ ආයතනයක් ලෙස ඔසවා තැබීම අපේක්ෂා කරමි.

සභා ලේකම්,
ඌවපරණගම ප්‍රාදේශීය සභාව,
අඹගස්දෝව

අප වෙත ඔබගේ ගැටළු ඉදිරිපත් කරන්න

මහජන ගැටළු, දුක්ගැනවිලි සහ යෝජනා සෘජුව හා කාර්යක්ෂමව අප වෙත ඉදිරිපත් කර කඩිනමින් ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියා පටිපාටිය වැඩිදියුණු කරමින් රාජ්‍ය සේවා සැපයීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණින් ඌවපරණගම ප්‍රාදේශීය සභාව විසින් මෙකී වැඩසටහන දියත් කර ඇත.

0
+
ජන සංඛ්‍යාව
0
විශාලත්වය (km2)
0
+
ජනගණත්වය (km2)

සංඛ්‍යා ලේඛන තොරතුරු

ඌවපරණගම ප්‍රාදේශීය සභාව

ස්ථීර බෝග වගා බිම් ප්‍රමාණය
0.601%
ගොඩ ඉඩම් ප්‍රමාණය
8.352%
මුඩු බිම් ප්‍රමාණය
1.348%
තේ වගා බිම් ප්‍රමාණය
.42%
වන වගා බිම් ප්‍රමාණය
2.014%
මඩ ඉඩම් ප්‍රමාණය
1.724%

ඌවපරණගම ප්‍රාදේශීය සභාවේ

නිවේදන හා පුවත්

LDSP නව ව්‍යාපෘති සඳහා මහජන අදහස් ලබාගැනීම

ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය (LDSP) යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත නව ව්‍යපෘති තෝරා ගැනීම සඳහා මහජන අදහස් ලබා ගැනීමේ වැඩසටහන් පහත පරිදි පවැත්වේ. 2023/10/06 දින ලූණුවත්ත වෙළද සංකීර්ණයෙදී ප.ව. 2.00 පැවැත්වේ. 2023/10/10 දින ඌවපරණගම ප්‍රාදේශීය සභාවේදී ප.ව. 2.00 පැවැත්වේ.