රවන් ඇල්ල

Posted by: Admin Comments: 0

රවන් ඇල්ල

බෝඹුරුඇල්ලට 4km වගේ ගොඩක් ලඟින් තියන රවණ් ඇල්ල (රාවණා ඇල්ල එක්ක පටලගන්න එපා) ගොඩක් අය අතර ප්‍රසිද්ධ නැති නමුත් ලස්සන ඇල්ලක්.. රවණ් ඇල්ල පිහිටල තියෙන්නෙ ඌවපරණගම ප්‍රදේශයේ කොරඳේකුඹුර ගමේ..බෝඹුරුඇල්ල ඉඳන් යනවනම් බෝඹුරුඇල්ල වැලිමඩ පාරෙ කිලෝමීටර් දෙකක් තුනක් වගේ ගියාම හම්බුවෙන උඩුහාවර හංදියෙන් , උඩුහාවර කොරඳේකුඹුර පාරෙ කිලෝමීටර්යක් විතර ගිහින් තවත් පොඩි අතුරු පාරක කිලෝමීටර්යක් විතර ගියාම මේ ඇල්ලට යන්න පුළුවන් මීටර් 40 ක් විතර උස විතර උස රවන් ඇල්ල පාමුල රත්‍රන් පිරවූ කලයක් ඇති බවත් එම නිසා රත්‍රන් ඇල්ලයන අදහසින් රවන් ඇල්ල යන නම ඇතිවී ඇති බවත් ජනප්‍රවාදයෙ පැවසෙනව.. එසේම රන්වන් ජලය ඇති හෙයින් රවන් ඇල්ල යනුවෙන් හඳුන්වන බවද පැවසෙනව මේ ඇල්ල අවුරුද්දෙ හැම කාලෙකටම වතුර හොඳටම තියන ඇල්ලක් නෙවෙ..වතුර තියන කාලෙට ගොඩක් ලස්සනට ඇදහැලෙනව..ඉතිං බෝඹුරුඇල්ල බලන්න යන කෙනෙක්ට මේ ඇල්ල බලන්න ගියාට පාඩුවක්නම් වෙන එකක් නෑ