මානා ඇල්ල
ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ලූණුවත්ත නගරයට නුදුරින් පිහිටි සුන්දර මානා ඇල්ල දියඇල්ල තුළින් මෙහි යම් ඓතිහාසික වටිනාකමක්ද සැඟවී ඇති බව දක්නට ලැබේ.
වැලිමඩ උඩුපුස්සැල්ලෑව ප්‍රධාන මාර්ගයේ ලූනුවත්ත නගරයේ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන මංසන්ධියෙන් හැරී කිරවනාගම මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගමන් කිරීමෙන් මෙම සුන්දර මානා ඇල්ලට ළඟාවිය හැකිය.
ප්‍රදේශයේ ජනතාව අතර පවතින ජනප්‍රවාදයන්ට අනුව අතීතයේදී විසූ මානාභරණ නැමති යුවරජු විසින් මේ ඇල්ල ඉහළ කොටසේ ගල් තලාවෙහි කරවන ලදැයි පැවසෙන දිය පිරෙන කටාරම් රැසක් මෙහි දක්නට තිබේ. ඒවා එකිනෙක දිය පිරී කෙමෙන් පහළට ගලා එන පරිදි සකසා ඇති ආකාරයක් දැකිය හැකිය. මේවා ඖෂධ ස්නානය පිණිස සකසා ඇති අතර, මෙහි කටාරම් 21 ක් ඇතැයිද රජුට හා සිය බිසෝවරුන්ට ස්නානය පිණිස මේවා කරවා ඇතැයිද පැවසේ.
එසේම මෙම ඇල්ල අසල සිට ඌවපරණගම ස්ත්‍රීපුර ගුහාව තුළට උමං මගක් පිහිටා තිබී ඇතැයිද තවත් ජනප්‍රවාදයන් පවසයි. රාවණා රජු විසින් සීතා දේවිය සඟවාගෙන හෝ රාම රාවණා යුද්ධය අතර සීතා දේවිය ඇතුළු බිසෝවරුන්ට රැකවරණය පිණිස එහි රඳවා සිටියදී ඔවුන් ස්නානය පිණිස මේ උමං මග තුළින් මානා ඇල්ලට පැමිණ ඇතැයිද එම ජනප්‍රවාදයන් පවසයි.