
ක්‍රී.පූ 337 දක්වා ලිඛිත ඉතිහාසයක් තුළ දිවයන අපේ රටේ පළාත් පාලන ක්‍රමයේ ඉතිහාසය ඊට බොහෝ පෙර සිට ක්‍රියාත්මක වුවක් බවට ඌවපරණගම ප්‍රදේශය තුළ තවමත් රැදී පවතින රාවණා පාලනය පිළිබඳව වන අලිඛිත කතා පුරාවෘත්තය සාක්ෂි දරයි.ශ්‍රි ලංකාවේ පැරණිම ඉතිහාස ග්‍රන්ථයක් වන මහාවංශය තුළ පළාත් පාලන ක්‍රමයේ පැවැත්ම පණ්ඩුකාභය රජ සමයේ විධිමත්ව සිදු කෙරුණු බවට සඳහන්ව ඇති අතර විජයාගමනින් පසුව බිහි වු අනුරාධ ග්‍රාම , අනුරාධපුර ලෙස නගරයක් වශයෙන් සංවර්ධනයට පත් කරමින් එම නගරයේ පාලකයා “නගර ගුත්තික” ලෙස පත්කිරිම සිදු කළ බව ද , ඔහු හට එම නගර පාලන කටයුතු වලට අදාල කසළ සෝදන , සුසාන භූමී උද්‍යාන පාලනය ආදී කටයුතු වෙනුවෙන් නිලධාරින් පත්කර පරිපාලන කටයුතු සිදු කිරිමට නියම කර තිබු බවට සාක්ෂි ඉතිහාස ග්‍රන්ථය තුළ සටහන්ව පවතී .
ක්‍රී.පු 04 වන සියවසෙන් පසු මෙරටට ආර්යයන්ගේ සංක්‍රමණයත් සමඟ පැවති , ප්‍රාදේශීය පාලන තන්ත්‍රයට නව කොටස් එකතු වු අතර, පාලන ක්‍රමය සමඟත් “සංස්ථාව” නම් ක්‍රමයක් පැවති බවට ඉතිහාසයේ සාක්ෂි දරන අතර, පසුව මෙය “ගම්සභාව” නමින් රටට අවශ්‍ය වන ස්වරූපයකින් ක්‍රියාත්මක විම ආරම්භ වි ඇත.
ඉතා දීර්ඝ රජ සමයක් තුළ විවිධ රටාවන්ගෙන් ගම්සභාව යන නමින් පැවති මෙම ප්‍රාදේශීය පාලන ක්‍රියාවලීය රාජාණ්ඩු වල පැවැත්ම සදහා විශාල දායකත්වයක් දරා ඇත.
ඉංග්‍රීසීන් විසින් ලංකාව යටත් විජිතයන් බවට පත්කර ගත් අතර, ක්‍රි.ව. 1815 දී රට තුළ ගම්සභා ක්‍රමය සක්‍රීයව පැවතී අතර, ප්‍රාදේශීය පාලනය හා රටේ යුද්ධ කටයුතු, සේනා සංවිධාන කටයුතු, ආදිය සඳහා සක්‍රීය දායකත්වයක් මෙම ක්‍රමය තුළින් ඉටු වු බව පෙනී ගිය ඉංග්‍රීසී ආණ්ඩුව වර්ෂ 1818 දී ලංකාව තුළ ගම්සභා ක්‍රමය මුළුමනින්ම තහනමට ලක් කරන ලදි.
ඉන්පසුව සොල්බරි, කොමියුනිස්ට්, සභා ප්‍රතිසංස්කරණය යටතේ ලංකාව තුළ පළාත් පාලන ක්‍රමය තුළ සංස්ථාපිත වු අතර ඒ යටතේ ගම්සභා පිහිටුවීම 1866 කොළඔ හා මහනුවර මහා නගර සභා පිහිටුවීම සුවිශේෂී වේ . නිදහස ලබන අවධියේ ලංකාව තුළ බ්‍රිතාන්‍යය නීතිය යටතේ පිහිටුවනු ලැබු පළාත් පාලන ආයතන වර්ග 04 ක් ක්‍රියාත්මක තත්ත්වයේ තිබුණු අතර, එනම්,
- මහ නගර සභා
- නගර සභා
- සුළු නගර සභා
- ගම්සභා
වන අතර, වර්ෂ 1981 දී සංවර්ධන සභා පනත මඟින් ගම්සභා හා සුළු නගර සභා අහෝසි කර සංවර්ධන සභා පිහිටවු අතර , එහි අසාර්ථකත්වය හේතුවෙන් 1987 අංක 15 දරණ
පනතින් නැවත වතාවක් මෙම සංවර්ධන සභාවට අයත් උප කාර්යාල , ප්‍රාදේශීය සභාව ලෙස නම් කරමින් ප්‍රාදේශීය සභාව ස්ථාපනය කරන ලදි.
පළාත් පාලන ආයතන වල කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරිම සඳහා එවකට පැවති රජය මඟින් ශ්‍රී ලංකාව තුළ පිහිටි ගම්සභා හා සුළු නගර සභා සියල්ල අහෝසි කොට 1980 දී දිස්ත්‍රීක් සංවර්ධන සභා ක්‍රමය 1981 ජුලි 01 සිට ස්ථාපනය කරන ලදි . ඒ අනුව ඌවපරණගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සීමාව තුළ ගම්සභා 06 ක්ද , දිස්ත්‍රික් සංවර්ධන සභා අතර ගම්සභා 06, දිස්ත්‍රික් සංවර්ධන සභා උප කාර්යාල බවට පත් විය . ඒ අනුව අඹගස්දෝව, රංහවඩිගම , පන්නලවෙල , කොටවර , බඹරපාන උප කාර්යාලය සහ මස්පන්න උප කාර්යාලය යනුවෙන් නම්කර පරිපාලන කටයුතු පවත්වාගෙන ගොස් ඇත .
ප්‍රාදේශීය සංවර්ධන කටයුතු සදහා වු සියලු යෝජනා අනුමත කරන ලද්දේ දිස්ත්‍රික් සංවර්ධන සභාව මගිනි. මෙම ක්‍රමයේ දුර්වලම පැත්ත වශයෙන් මැතිවරණ කොට්ඨාශයෙන්ම නියෝජනය කිරිම සදහා තෝරා ගෙන තිබුණේ එක් නියෝජිතයෙක් පමණි.ඔහු දිස්ත්‍රික් සංවර්ධන සභා මන්ත්‍රී නමින් හදුන්වනු ලැබේ . මෙම ක්‍රමය යටතේ සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් කිරිමේ දී නොදියුණු ගම්මාන වලට බලවත් අසාධාරණයක් සිදු වු බැවින් , දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය ද එවකට පැවති රජය මගින් අහෝසි කර 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත මගින් 1988 .01.01 දින සිට ආරම්භ කරන ලදි .
1988 වර්ෂයේ රටේ පැවති භීෂණකාරී තත්ත්වය නිසා මැතිවරණ පැවැත්වීමේ අපහසුතා නිසා මෙම ප්‍රාදේශීය සභා පාලනය කිරිම සදහා විශේෂ කොමසාරිස්වරු පත් කරන ලදි. ඉන්පසුව 1990 වර්ෂයේ පළාත් පාලන මැතිවරණය පවත්වා ඌවපරණගම මෙම ප්‍රාදේශීය සභාවට නියෝජිතයින් 19 දෙනෙක් තොරා පත්කරගෙන ඇත. එහි ප්‍රථම සභාපතිවරයා වන්නේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු වු දිඹුලන පදිංචි ඩී.එම් සිරිසේන මහත්මයාය. එතුමා කෙටි කාලයක් තුළ ඌව පළාත් සභාවේ අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීම සදහා තනතුරෙන් ඉවත් වීම සමගම එවකට ගරු උප සභාපති වශයෙන් කටයුතු කළ පුජිත ධර්මසේන මන්ත්‍රීතුමා ගරු සභාපති තනතුරෙහි කෙටි කාලයක් වැඩ බලන ලදි . ඉන් පසුව ගරු සභාපති ලෙස කොටවර පදිංචි ඩී.එම් කිරිබණ්ඩා මැතිතුමා පත් කරන ලදි .
එතුමාගේ පාලන කාලයෙන් පසුව 1997 අප්‍රේල් මස 25 දින සිට ගරු සභාපති වශයෙන් පුණ්‍යා විජේකෝන් මැතිතුමිය තේරී පත් වනලදි. එහි ධුර කාලය අවසන් වීමෙන් පසු 2002 මාර්තු 21 දින සිට කාංචනා රුවන්මාලී මල්වත්ත මැතිතුමිය ගරු සභාපති වශයෙන් පත් වෙන ලදි. එම ධුර කාලය අවසන් වීමෙන් පසුව 2006 වර්ෂයේ සිට නැවත වරක් ගරු පුණ්‍යා විජේකෝන් මැතිතුමිය සභාපතිතුමිය වශයෙන් පත්විය.එහි ධුර කාලයෙන් පසුව 2011 වර්ෂයේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් නැවත වරක් ගරු පුණ්‍යා විජේකෝන් මැතිතුමිය ගරු සභාපතිතුමිය වශයෙන් තේරී පත්වී 2015 මැයි මස 30 වන දින ප්‍රාදේශිය සභා විසුරුවා හැරිමත් සමග එතුමියගේ ධුර කාලයද අවසන් වු අතර ඉන් අනතුරුව විශේෂ කොමසාරිස්වරයා යටතේ පාලනය විය. 2018.02.10 දින පැවති පළාත් පාලන මැතිවණයෙන් පසු 2018.03.29 දින කේ.ඒ සමින්ද සුදර්ශණ මැතිතුමා සභාපති වශයෙන් පත් වු අතර, මේ දක්වා එම ධුරය දරමින් සිටි.